Saturday, September 28, 2013

GAME BASED LEARNING

Friday, September 27, 2013











Game Based Learning



"humans are only fully human when they play" (friedrich Schiller upon the aesthetic Education of man)

යන කියමනට අනුව ක‍්‍රීඩා පදනම් කරගත් ඉගෙනුමක් සිදු කිරීමට මූලික වී ඇත්තේ සියලූ සිසු සිසුවියන් ක‍්‍රීඩාවට දක්වන ඇල්ම බව පෙන්වා දිය හැකිය. ප‍්‍රාථමික අවධියේ සිට තෘතීක මට්ටම දක්වා වූ ඉගෙනුම් ක‍්‍රියාවලිය තුළ ශිෂ්‍යයන් විවිධ වයස් මට්ටම් වල සිටියත් ක‍්‍රීඩාවට දැක්වෙන ඇල්ම එකසේ රැදෙන බව සත්‍යයකි. මේ අනුව ඉගෙනුම් තහවුරු කර ගැනීමට ක‍්‍රීඩාව ද යොදාගත හැකිය.
තනි තනිව කණ්ඩායමක් ලෙස ක‍්‍රීඩාවේ නියලීමට හැකියාව පවතින නිසා ක‍්‍රීඩාවන්ට අනුබද්ධ වූ ඉගෙනුමක් ක‍්‍රීඩාව පදනම් කරගත් ඉගෙනුමක් ලෙස දැක්විය හැක.
ක‍්‍රීඩාපාදක ඉගෙනුමක් ඇති කිරීම දුෂ්කර කටයුත්තකි. ඒ සඳහා ඉගෙනුම් නිපුණතාව, විෂය පිළිබඳ මනා අවබෝධයක් පැවතිය යුතුය. එසේම මනා පළපුරුද්දක් ද තිබිය යුතුය.
විෂය සඳහා සුදුසු ආරම්භයක් ලබා ගැනීමට, විෂය කොටස් සංවර්ධනය කර ගැනීමට පසු අභ්‍යාස ලෙස, ඇගයීමක් ලෙස, ඉගෙනුම අතරතුර සිසුන් ප‍්‍රබෝධමත් කිරීමට සහ ඉගෙනුම් කරුණු තහවුරු කර ගැනීමට ක‍්‍රීඩාව යොදාගත හැක.
මෙහිදී ගුරුවරයා තමා උගන්වන විෂය පතයට අනුව ද වයස හා ශිෂ්‍ය ප‍්‍රමාණය මතද තමා යොදා ගන්නා ක‍්‍රීඩාවේ සවභාවය තිරණය කරගත යුතුය. ගුරුවරයා තුළ පවතින නිර්මාණශීලී භාවය උපකාර කරගනිමින් සිසුන්ට ලබාදෙන ක‍්‍රීඩා උචිත ලෙස වෙනස්කම් කිරීමට හැකියාව ගුරුවරයා සතුවිය යුතුය.
ක‍්‍රීඩාව පදනම් කරගත් ඉගෙනුම් තුළින් ශිෂ්‍යයාට තමාගේ ඉලක්ක තෝරා ගැනීමත් අවසානයේ ලබා ගන්නා ජයග‍්‍රහණ සඳහා පියවරෙන් පියවර ගමන් කිරීමට හැකියාව ලැබේ.
ක‍්‍රීඩා පදනම් කරගත් ඉගෙනුම පංති කාමරය තුළ හා පිටත සිදු කිරීමට හැකි අතර එයටම තොරතුරු තාක්‍ෂණයෙන් ලැබී ඇති පහසුකම් ද රාශියක් එකතු වී ඇත. බර්නර් හා විගොස්ට්කිගේ Cognitive theories සහ Problem based learning techniques බොහෝවිට තොරතුරු තාක්‍ෂණය පදනම් කරගෙන සකසන ලද ක‍්‍රීඩා සඳහා යොදාගෙන ඇත. (The book how people learn 2 වන පරිච්ෙඡ්දය)
විෂය මූලික ක‍්‍රීඩාවක් සඳහා මෘදුකාංග සැකසීමේදී එය මනාව සංවර්ධිත ශක්තිමත් පදනමක් සහිත මනෝවිද්‍යාත්මක පදනමක් ද සහිතව සැකසිය යුතුය. ඉලක්ක කොටගත් විෂය අන්තර්ගතය තුළින් ශිෂ්‍යයාට මුහුණ දියයුතු අභියෝගයක් පැවතීම ද එහි ලක්‍ෂණයකි. එම ක‍්‍රීඩාව තුළින් තම ගැටළුව විසඳා ගැනීමේ හැකියාව ලැබෙන්නක් ද විය යුතුය.
බොහෝවිට GBL(Game base learning) කතා ස්වරූපයක් ගනී. ලඟාවන ජයග‍්‍රහණ සැමවිටම සාර්ථකවූත් නිවැරදි වූත් එක්ක නොවිය හැකිය. නමුත් ක‍්‍රීඩාව තුළින් ශිෂ්‍යාට අපහසු අවස්ථාවන්ට මුහුණදීමේ හැකියාව සංවර්ධනය කර ගැනීමට මග පෙන්වීමක් තිබීම වැදගත්ය. ගුරුවරයා හා ශිෂ්‍යා අතර මත 2 පැවතිය ද අධ්‍යාපන ප‍්‍රතිඵලය විය යුත්තේ ශිෂ්‍යයාට ගැටළු නිරාකරණය කර ගැනීමට ඇති නිපුණතාව වර්ධනය කර දීමයි.
ක‍්‍රීඩා පදනම් ඉගෙනුම් වලට වර්තමානයේ වැදගත්කමක් එක්වන්නේ සත්‍ය ලෙස ලඟා විය නොහැකි අරමුණු කරා ආකෘතිය ලෙස ලඟාවෙමින් ඉන් ලබාගත හැකි ප‍්‍රතිඵල, අඩුපාඩු, පිළිබඳ තීරණ ගැනීමට හැකියාව ලැබීමයි. මෙවැනි හේතු මත
GBL ප‍්‍රාථමික සිට ඉහළ වැඩිහිටියන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ද යොදාගත හැකිය.




 




ඉගෙනුම් ක‍්‍රිඩාව සකසන්නේ කෙසේද

ක‍්‍රීඩාවලින් තම විෂයට අදාළව ක‍්‍රීඩාව තෝරාගන්නේ කෙසේද?

ඉගෙනුම් නිපුණතාවයට කොතරම් දුට එය උචිත ද? යන්න ගුරුවරයා විසින් නිගමනය කළ යුතුය. ගැටළු විසඳීම, සංවාද වැකි පාඩම් සඳහා පැන විසඳුම් ක‍්‍රීඩාවක් යොදා ගත හැකිය. විශාල පතයක ඉගෙනුමකට role play    යොදාගත හැකිය. තොරතුරු පදනම් කරගත් ක‍්‍රීඩා එකිනෙකට සම්බන්ධ වන සම්බන්ධිත ක‍්‍රීඩා, කේවලව හෝ කණ්ඩායම් ලෙස භාවිතා කළ හැකිය. ඉගෙනුමක් සඳහා ක‍්‍රීඩාව කිරීමේ දී.....................
 කණ්ඩායම් ගණන
කණ්ඩායමක ශිෂ්‍ය ප‍්‍රමාණය
ශිෂ්‍ය වයස
 ලබාගත හැකි තාක්‍ෂණික උපකරණ භාවිතයට තිබෙන්නා වූ නීතිරීති බලපත‍්‍ර
\. සමාජ පසුබිම අනුව ක‍්‍රීඩාව තේරීම හා සැකසීම ගුරුවරයා අතින් සිදුවිය යුතුවේ.








 



Game Based Learning (GBL)ලැබෙන ප‍්‍රතිලාභ


  •    ශිෂ්‍යයාගේ අවධානය ඉගෙනුම සඳහා රඳවා ගත හැකිය.

  •    ඉගෙනුම් සංවර්ධනය හා තර්කානුකූල චින්තනයට මග පාදයි.

  •   ශිෂ්‍යයාට ධනාත්මක ඉගෙනුමක් ඇතිවේ. ඉගෙනුමට පවතින නීරසකම මකා දැමිය හැක.

  •    ලබාගත් දැනුම ස්මරණයට අවස්ථාව සපයයි.
  •          GBL මගින් තමන් ඉගෙනගත් විෂය සංධාරය ගැටළුවකට යොදාගන්නේ     කොහොමද කෙසේද යන්න පිළිබඳ සිසුවාට අවබෝධයක් ලබාගත      හැක.     
  •       ශිෂ්‍යන්ට තම හැකියා වැඩි දියුණු කර ගැනීමට හා වඩාත් තහවුරු කර ගැනීමට  GBLදායක වේ.

  •    ශිෂ්‍ය මතක ධාරිතාව වැඩි කරයි.

  •   සත්‍ය ලෝකයේ ක‍්‍රියාත්මක කර ප‍්‍රතිඵල ලබාගත නොහැකි කරුණු පිළිබඳ අවබෝධයක් හා ඒ පිළිබඳ තීරණ ලබා ගැනීමට හැකියාව ලැබේ.

  •   ICT සමග වැඩ කිරීමේ හැකියාව ලබා ගනී.
  •    Computer හා උපාංග භාවිතයට පුරුදු වෙයි.
  •     භාෂා ඉගෙනීමක් සිදුවේ.
  •     ගවත්ව උපකල්පනය කිරීමේ හැකියාව ගැටළු නිරාකරණය කිරීමේ හැකියාව දියුණු වේ.









GBL   මගින් සිදුවන අවාසි

  •          ඉගෙනුම සඳහා යොදාගත්ත ද සිසුන්ගේ ඉලක්ක අමතක කිරීම.
  •      ලබා ගන්නා අවසාන ප‍්‍රතිඵලය සාර්ථක නොවීම.
  •      සිසුන් කාලය නිකරුනේ නාස්ති කිරීම.
  •    ගුරු ශිෂ්‍ය අතර තාක්‍ෂණික පරතරය නිසා ඉගෙනුම සාර්ථක නොවීම.
  •     GBL වලට අවශ්‍ය උපකරණ පහසුකම් තාක්‍ෂණය නොමැතිවීම.
  •  ගුරුවරයාට GBLපිළිබඳව පවතින දැනුම අඩුවීම නව තාක්‍ෂණික ක‍්‍රම යොදා නොගැනීම නිසා නව ශිෂ්‍ය පරම්පරාවට, පවතින GBLක‍්‍රම උචිත නොවීම.
  •   ශිෂ්‍ය වයසට නොගැලපීම හේතුවෙන් ශිෂ්‍ය අවධානය බිඳ වැටීම.
  •   කුඩා කාල සීමාවක් තුළ ලබා ගන්නා නිපුණතාවයක් සඳහා වැඩි කාලයක් ගතවීම.
  •   නියමිත ප‍්‍රතිපෝෂනය ලැබුනා ද යන්න තීරණය කිරීම ගැටළු සහගත විය හැක.

ආශිY Yන්}  


htthttp://serc.carleton.edu/introgeo/games/howtogbl.html


p://en.wikipedia.org/wiki/Educational_game













No comments:

Post a Comment